Friday, September 18, 2009

යාලුවෝ "Friends"

මේ කතාව campus එක ඇතුලෙ වෙච්ච වෙනස්ම කතාවක්. අපේ එකමුතුකම සහෝදරත්වය ගැන අපිටම තේරුන සිදුවීමක්. කතා ඕන නෑ. වෙච්ච දේ කියන්නම්.

ගිය අගහරුවාදා (2009.09.15) අපේ සහෝදරයෙක්ට හොදටම අසනීප උනා. සජිත් නැත්තන් අපි කියන විදියට සජියා. උදෙ ඉදන්ම මිනිහට වමනෙ යන්න ගත්තා. කරන්න දෙයක් නැති තැන ජනිත (ජනියා) උදේම සජිත් ව campus එකේ medical centre එකට එක්කගෙන ගියා. ජනියා metarial practical වෙලාවෙත් සජියාගෙ තත්වෙ බලන්න medical centre එකත ගියා. අන්න බලන්න නියම යාලුවො. මගෙ පණ්ඩිතකමට ඒක කියන්න ගිහින් අපේ lecturer ගෙන් පලවෙනි පාරට බැනුමක් හිටන් අහගත්තා.

practical ඉවර වෙලා අපි සජියා බලන්න medical centre එකට ගියා. මායි, චාමර අයියයි, සුපුන් අයියයි, ඉෂානුයි (සෝමෙ ), ජනියයි, තරිදුයි, අචලයි. මම මේ දාල තියෙන්නෙ එදා සජියා හිටපු හැටි. group එකේ 66ක් ඉදලත් සජියට කොහොමද කියල බලන්න වත් ආවෙ 7ත් දෙනයි. ඒකද group fit එක කියන්නෙ? ඉතුරු 58 දෙනාට මොකද උනේ? { 66-7-1(සජිත්)=58 නැත්තන් හිතයි මට 66න් 7ක් අඩු කරගන්න බෑ කියල }


සජිත් උදේට විතරයි කාලා හිටියෙ. ඉතින් චාමර අයියා කැන්ටිමට ගිහින් Milo එකකුයි බනිසුයි ගෙනාවා. ඒක කෑවත් සජිත් එකත් වමනෙ දැම්මා. අපි සජිත්ගෙ පිට අතගගා අපිට පුලුවන් හැම විදියකින්ම උදව් කලා. Medical center එක 3.00ට වහනවා. ඒත් අපි හිටපු හින්දා එයාලා 4.00 වෙනකන් වැහුවෙ නෑ.

අපි කොහොමහරි සජිත්ගෙ බෝඩිමේ කොල්ලො set එකට call කලා. උන් set එක තමයි මේ photo වල ඉන්නෙ.


උන්ගෙන් එකෙක් mechanics practical කට් කරලා සජියාව බලන්න ආවෙ ( චාමර අයියට උඩින් ඉන්නෙ ඌ තමයි ). ඒ මොකටද? උගෙ කොහෙහරි කහනවටද? නෑ!!! ඒක තමයි friendship එක. මොන දෙයක් නැති උනත් එක නැති වෙන්නෙ නෑ. උන් set එක සජියව threewheel එකක දාගෙන පිළියන්දල මාමලෑ ගෙදර එක්කගෙන ගියා. සජිත්ට බෝඩිමේ ඉන්න පුලුවන් තත්වයක් තිබුනෙ නෑ.

කෝ අපේ කෙල්ලො ටික? හොයා ගන්නත් නෑ. මo හිතන්නෙ දන්නෙවත් නැතුව ඇති සජිත් අසනීප උනා කියලා. කෝ group එකේ අනික් කොල්ලො ටික? එකට හන්තානෙ නැග්ග යාලුවො කෝ? එකෙක්වත් හිටියෙ නෑ.

මම කාටවත් දොස් කියන්නෙ නෑ. ඒත් මේ ටික කියන්න ඕනෙ. අපි ඔක්කොම එකම පවුලක්. අපි කන්නෙ, බොන්නෙ, ඉගෙන ගන්නෙ එකට. ඉතින් අපේ කෙනෙක්ට කරදරයක් උනාමත් අපි එකට ඉන්න ඕනෙ නේද? එයාට උදවු කරන්න ඕනෙ නේද?

මට කියන්න ඕනෙ උනේ එච්චරයි. අදට නවතින්නම්. තවත් දවසක හම්බවෙමු !

10 comments:

  1. niyamay mage sahoodaraya,habay1k kiyanna thiyenawa.ape sajiyata asaneepay kiyala mama ape group1 hamotama kiuwa.itin onna oka thamai ape c2@u.o.m 1 fit1. aththatama dukay."api hamoma ekata ekathuwemu kiyala mama hamogenma adarayen illa sitinawa"

    ReplyDelete
  2. චාමර අයියෙ, ඔබේ ඉල්ලීම මම අකුරටම ඉටු කරනවා "Chamara aiye, Obe illeema mama akuratama itukaranava" !!!

    ReplyDelete
  3. ඔව් බන්,ඒකටනම් මමත් එක්ඟයි.අපෙ සෙට් එකේ ෆිට් 1 මදි බන්.

    ReplyDelete
  4. ඒක අපි හරිගස්සගන්න ඕනේ !!!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ශා නියමයි..campus වල මරාගන්න කාලෙ අය්යලගෙ වැඩේනම් කියලා වැඩක් නෑ..හැමෝටම ආදර්ශයක්..

    ReplyDelete
  7. Machan oka C-2 ekata witharak newei. Campus eke onama group ekakata adaalai. Ledakata Dukakata witahrak newei marks dena aca wedakata unath enne keeyen keeyada balapan. Hamoma anith eungen goda yanna thamai balanne. Passe kiyanawa ane sorry api danne ne kiyala.

    ReplyDelete
  8. මල්ලි, පොඩි උපදේශයක්!
    maths කරලා eng ආපු බහුතරයක් ළඟ මනුස්සකම නෑ කියන 1 ප්‍රසිද්ධ සත්‍යයක්. ඒත් අපේ batch 1 (ඔයාලගෙ super^7 senior) තිබුණෙ පුදුමාකාර එකමුතුවක්. ඇක වගේමයි බාහිර වැඩත්. අපේ එවුං ගැන මට හරි ආඩම්බරයි. හොඳම උදාහරණය තමයි tsunami කාලෙ..... (දන්නෝ දනිති)
    ඒත් පස්සෙ එන batch වල ඒ මනුස්සකම එන්න එන්නම අඩු වෙලා යනව මම දැක්කා. අදත් දකිනවා. ඔයාල ටික දෙනා හරි ඒක batch 1 පුරා පතුරවන්න. ජීවිතේ කවදහරි දවසක ආපහු හැරිල සන්තෝෂ වෙන්න පුලුවං වෙන්නෙ තමං කරපු උදව්වකින් තව කෙනෙක් සතුටු වෙනව දැකල විතරයි. නැතුව අනිකව පාගගෙන තමං කොච්චර උඩට ගියාද කියන 1 මතක් කරල නෙවෙයි. අපේ එවුංට ඕව තෙරෙන්නෙ හැට පැනල හොට බිම ඇනුනම තමා. එතකොට ඉතින් වැඩක් නෑනෙ.

    තවත් දෙයක්, එළියට ඇවිත් job 1ක් කරනකොට වඩා වැදගත් වෙන්නෙ පොතේ දැනුම නෙවෙයි. GPA, class ත් නෙමෙයි. සමාජය පිළිබඳ දැනුම, සාමාන්‍ය දැනුම සහ ප්‍රායෝගික දැනුම. (class 1ක් ගහගන්න එක අපේ උංට ගේමක් නෙවෙයිනෙ) මිනිස්සුත් එක්ක වැඩ කරන්න නම් මනුස්සකම තියෙන්න ඕන. නැතත් සමහරු කරනවා! ඒත් ඌ හැරෙන කං ඉඳලා පොඩි මිනිහා පවා පස්ස පැත්තට හිනාවෙනව. උංගෙ බලය තියෙන්නෙ post 1 යි සල්ලියි තියෙනකං විතරයි. මෙච්චර වාසනාවන්ත වෙලා ඉපදිලා ඔහොම කාලකන්නි විදිහට ජීවත් වෙලා වැඩක් තියෙනවද මං අහන්නෙ?

    ReplyDelete
  9. @ leks' world : උඹ කියන කතාව හරියටම හරි මචෝ. කරදරයක් උනාම සීමිත පිරිසක් විතරයි ලඟ ඉන්නෙ. අනික් අය ඔක්කොම මගඇරලා යනවා. නියම යාලුවො බලාගන්න පුලුවන් වෙන්නෙ ඒ වෙලාවට තමයි.

    @ freedom : ඔයා දුන්න උපදේශය ගොඩාක් වටිනවා. අයියලා සුනමි කාලෙ කරපුව බලන්න අපි නොහිටපු එක අපේ අවාසනාව. ඒ වෙනකොට අපි OL කරලවත් නෑනෙ. ඒ වගේ වෙලාවක එකමුතු වෙලා වැඩ කලානම් ඒ එකමුතුකමේ වටිනාකම කියල නිම කරන්න බෑ. ඒ දේ ආයෙත් ඇතිකරන්න අපි මහන්සි වෙනවා. අයියට ගොඩක් ස්තූතියි!

    ReplyDelete