Wednesday, September 9, 2009

අපේ කෙල්ලො ටික

වමේ ඉදන්: අවන්ති, වින්ද්‍යා, හෙෂානි, ශන්ගීතා, උත්පලා, එරන්දි, නුවනි, ලක්ෂානි

අවන්ති
අපේ set එකේ English medium කරලා මොරටු ආපු එකම කෙල්ල. මොලකාරියක්. English medium කලාට සිoහල වචන 10 කට English වචන 5ක් mix කරන එක එයාගෙ ගතියක් නෙමේ. කෙලින්ම සුද්ද සිoහල. ( මo මෙතන එහෙම කලාට ගනන් ගන්න එපා )

වින්ද්‍යා

යන්සෙ හොයාගත්තෙ හරිම අමාරුවෙන්. හක්ක පනින නමක්නෙ. ලගදි මල්ලි කෙනෙක්ගෙන් යාලුවෙන්න අහලා ගොඩ කැන්ටිමේ කැලෑ පත්තර ගොඩාක් වැදිල තිබුන වගේ දැක්කා. ඒ සීන් එක තාම කවුරුත් දන්නෙ නෑලු. අඩුම ගානෙ අවන්තිට වත් කියල නෑලු.

හෙෂානි
ම් ම් ම් .....දහයට ගනින්න බෑ වගේ ඉන්නෙ. එත් ලoකාවෙම 10 වෙනියා ! තව පොඩි පොඩි හුටපට තියනවා අපි දන්න, එත් ඒව කියන්න හොද නෑනෙ. පවුනෙ. එත් අපිට party එකක් නම් ලැබුනෙ නෑ තාම ?

ශන්ගීතා
අපේ සිoහල දෙමල කෙල්ල. එයාට භාෂාව ප්‍රශ්නයක් නෑ. සිoහල නම් සිoහල. දෙමල නම් දෙමල. කඩ්ඩ නම් කඩ්ඩ. කොකත් එකයි. වඩේ හදන්න නම් නියමයි. ඊලග trip එකටත් අපිට වඩේමයි ඕනෙ.

උත්පලා
අපේ අක්කා. චුට්ටක් සැරයි. ඒ උනාට හරි හොදයි. ගවුමක් ඇන්දාම ලස්සනයි. නැත්තන් ඉතින් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ. හැමදාම පිස්සිගෙ පලා මල්ල වගේ අලි bag එකක් උස්සන් එන්නෙ.

නුවනි
කොට මොඩල් ලග pickup කිව්වට නුවනි එහෙම නෑ. අහිoසකයි. හිනාවෙලා ඉන්නෙ හැමවෙලේම. ඒ උනාට බෝල දාන්න නම් දන්නෙම නෑ. බෝලයක් අල්ලන හැටිවත් දන්නෙ නෑ.
එරන්දි
අපේ ආච්චි. හුරතලේට කියන නමනේ. trip එක ගිහිල්ලා පුන්චිත් එක්ක තදවෙලා ඔලුව බිත්තියේ හප්පගෙන ප්ලාස්ටර් දාගෙන දැන් campus එන්නෙ. campus එකේ ඉන්න කෙට්ටුම කෙල්ල කිවුවොත් මම වැරදි නෑ ! හික් හික්

ලක්ෂානි
කන්නාඩි දෙක නැතිඋනොත් ඉදල හමාරයි. ඒ උනාට bat එකක් දුන්නොත් වනනවා හතර අතටම. ගහන පාරවල් නම් ඉතින් පොතේ තියන ඒව නෙමෙයි තමා. ඕවා මොනවද, නැට්ට පිටින් අලි මැරෙන්නෙ?


තිලිණි
කණ්ණඩි දානවා කියල දන්නවා. ඒත් මෙයා ට්‍රිප් එක යන්න ආවෙ නැති හින්ද වැඩිපුර විස්තර දන්නෙ නෑ. දැනගත්ත ගමන් දෙන්නම්කො ගේම. කවුරුහරි වැඩිදුර විස්තර දන්නවනම් මට හරි සෝමෙට හරි කියන්න.

හෙට campus යනකොට හෙල්මට් එකක් දාගෙන යන්න වෙනවා. කුඩ මිටි පාරවල්, BATA,DSI පාරවල් වදින්නත් ඉඩ තියනව. එ හින්ද ආත්මාරක්ෂාව පිණිස මම මෙතනින් නවතිනවා. තවත් දවසක සෙට් වෙමු.

10 comments:

  1. ඔය ගෑණු කේස් දන්නෙ ඉතින් උඹමනේ. එල එල.
    හේෂානි ලංකාවෙන්ම දහයද?? නැත්තම් ගාල්ලෙන් දහයද?

    ReplyDelete
  2. ගාල්ලෙ 10 බo. එයා campus එකෙ එයගෙ account එකේ fourms වල ලියල තිබුනා.

    ReplyDelete
  3. මොකද ඔයාලගෙ ජීවිතේ අළුත් පිටුවකට පෙරලන්‍න හිතුවෙ නැත්තෙ.........

    ReplyDelete
  4. අප්පට සිරි.
    මාර සෙට් එකනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  5. @ බිඟු අයියා : නැතුව නැතුව :P

    ReplyDelete