Monday, March 29, 2010

අපේ කාලෙ ආච්චිලා සීයලා


සෑහෙන කාලෙකින් blog එකක් දාන්නත් බැරි උනා. මගෙ මිත්‍රයා ඉෂාන් නම් දැන් ගේමට බැහැලම වැඩ. මට ඉතින් කොහෙද ඒවට වෙලාවක්. මට තියනවනෙ සෑහෙන්න වෙන වැඩ. මම හරි busy පොරක්නෙ.

නිකන් ඉන්නකොට මට මේක කල්පනාවට ආවෙ. මේ කාලෙ අපේ සීයලා ගත්තොත් ඉන්නෙ සියාතු, බංඩා, ඇඩ්ඩින්, විලියොන්, සිමියොන්, උක්කුං වගේ නම් තියන අයනේ. ආච්චිලා නම් ජොසපින්, ඇසිලින්, රොසලින්, මැගිලින්, පොඩි මැණිකෙ, බගලවතී වගේ අය. අපි එයාලට කතා කරන්නෙ සියාතු සීයා, උක්කුන් සීයා, ජොසපින් ආච්චි, බගලවතී ආච්චි කියලනේ.

තව අවුරුදු 50කින් 60කින් මොනවගේ ආච්චිලා සීයලා ඉඳීවිද? නුවන් සීයා, ඉෂාන් සීයා, පූර්ණ සීයා, ජනේෂ් සීයා, කසුන් සීයා,චමින්ද සීයා. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. ඒ මදිවට ආච්චිලා. චේතනා ආච්චි, කසුනි ආච්චි, තිලිනි ආච්චි,සජිනි ආච්චි, නිල්මිණී ආච්චි, නිරෝෂණී ආච්චි, ඉන්දීවරී ආච්චි. කිරි අප්පට බල්ලො පැනපි මෙහෙමත් ආච්චිලා. කොහොමද අපේ පොඩි උන් ඇවිල්ලා "ඉෂාන් සීයෙ, කතාවක් කියන්නකෝ" , "චේතනා ආච්චියේ, මට කවියක් කියල දෙන්නකෝ" කියල කියනකොට.

ගෝලීයකරණය අප්පා. ගෝලීයකරණය!!!