Saturday, December 25, 2010

MS WORD වල සෙල්ලම්

ගොඩ කාලෙකින් තමයි මම මේ පෝස්ට් එක දාන්නෙ. අලුත් අලුත් පෝස්ට් දාන්න අදහසක් තිබුනත් කතා කරන්න subject එකක් තිබුනෙ නැති එක තමයි අවුල. මොකද මම දන්න හැම subject එකක් ගැනම මට වඩා දන්න අය ඕන තරම් මේකෙ ඇතුලෙ ඉන්නවනෙ.

ඒ කතා ඕනෙ නෑ. කෙලින්ම මාතෘකාවට බහිමු. මේක MS WORD වල තියන හිනා යන සීන් එකක්. මේකයි කරන්න ඕනෙ. (මම use කරන්නෙ MS Office 2007)

1. MS WORD අලුත් document එකක් open කරගන්න (මෙහෙම)





2. ඊලඟට මෙන්න මේ විදියට type කරන්න =rand (200,99)
(පැහැදිලිව පේන්න මම font size එක 48 දැම්මා)



=rand ස්පේස් මුකුත් නැතුව එකටමයි. ඊලඟට ස්පේස් එකක් තියලා (200,99) ස්පේස් මුකුත් නැතුව.

3. දැන් Enter බොත්තම ඔබන්න. බලන්න වෙච්ච දේ :O :P :D ;)





4. පිටු 13,934ක් පුරා එකම වාක්‍යඛන්ඩය ලියවිලා ඉබේම. වචන 407,000 (ලක්ෂ 4ක් ) type වෙලා :O



5. මොනවද මේ ලියවුනේ. මේක පොඩි help එකක් MS WORD වල තියන insert , text , page, styles වගේ options ගැන ( font size එක පොඩි කරලා බලන්න )



"On the Insert tab, the galleries include items that are designed to coordinate with the overall look of your document. You can use these galleries to insert tables, headers, footers, lists, cover pages, and other document building blocks. When you create pictures, charts, or diagrams, they also coordinate with your current document look. You can easily change the formatting of selected text in the document text by choosing a look for the selected text from the Quick Styles gallery on the Home tab. You can also format text directly by using the other controls on the Home tab. Most controls offer a choice of using the look from the current theme or using a format that you specify directly. To change the overall look of your document, choose new Theme elements on the Page Layout tab. To change the looks available in the Quick Style gallery, use the Change Current Quick Style Set command. Both the Themes gallery and the Quick Styles gallery provide reset commands so that you can always restore the look of your document to the original contained in your current template."

මේක Office වල bug එකක් කියල කියන්නත් බෑ. මොකද Office 2000 වල ඉදන් මේ සීන් එක එනවා. Office 97 වල තිබුනෙ නෑ. Office 2000, XP, 2003 වල නම් repeat වෙවී type උනේ "THE QUICK BROWN FOX JUMPS OVER A LAZY DOG" කියන වාක්‍යය. මේක තමයි ඉංග්‍රීසි භාෂාවේ තියන අකුරු 26 ම භාවිතා වෙන විදියට ලියන්න පුලුවන් කෙටිම ඉංග්‍රීසි වාක්‍යය. Office 2007 වලදි වාක්‍යය වෙනස් කරලා paragraph එකක්ම දාලා. Office 2010 වල මේ සීන් එක තියනවද කියලා මම හරියටම දන්නෙ නෑ මොකද මම තාම 2010 පාවිච්චි කරල නෑ. කොහොම වෙතත් Office Developing Crew එක මේක පාවිච්චි කරලා අවුරුදු 10කටත් වැඩි කාලයක් ෆුල් fun එකක් අරන් තියන බවට නම් කිසි සැකයක් නෑ. බිල් ගේට්ස් මේ ගැන දන්නවද දන්නෙත් නෑ :P :P


Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. සිංහල අමාරු නම් English වලින් දැම්මට කමක් නෑ. Anonymous විදියට හරි දාල යන්න. ඔයාලගෙ comments තමයි මට අන්තිමට බලල හරි සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ. ආයෙත් දවසක හම්බ වෙමු. එතකන් හැමෝටම අයුබෝවන්!

Saturday, July 24, 2010

පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ




DeepS අක්කගෙ බැංකු අත්දැකීමකියෙව්වම මටත් හිතුනා මං ලබපු ඒවගේම අත්දැකීමක් ගැන ලියන්න. මේකත් ලංකා බැංකුවක් සම්බන්ධ සිද්ධියක්ම තමයි.

මගෙයි මල්ලිගෙයි 14+ ගිණුම් 2ක් තිබුනා ගම්පහ ලංකා බැංකුවේ ( දැන්නම් මට campus එක ඇතුලෙම 18+ account එකක් තියනවනෙ :D ) . මමයි මල්ලියි තීරණය කලා ඒ දෙකේ සල්ලි අරන් computer එකට අලුත් VGA card එකකුයි 19" LCD එකකුයි ගන්න. ඔන්න ඉතින් අපි දෙන්නා ඩෙනිමයි t-shirt එකයි ගහගෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන හා හා පුරා කියල උදේ පාන්දරින්ම පිටත් වෙලා unity ආවා ( unity කිව්වෙ unity plaza හොඳේ. අර බම්බලපිටිය කියන මනරම් නගරයේ සුන්දර MC එකට මායිම්ව ( දන්නවනෙ ඉතින් MC එක) නල ජලය, විදුලිය, පුළුල් මාර්ග එහෙම තියෙන තට්ටු 8ක්ද කොහෙද උස, කැත building එකක් ) . ඔන්න අපි unityය ඇතුලෙ රවුම් ගහල ගහල අන්තිමට barclays ( computer shop එකක් ) එකෙන් රු.35000කට වැඩේ සෙට් කරගෙන ( VGA එක nVIDIA 9600GT රු.18700යි, Samsung 19" LCD එක රු.16300යි ) unityයේ යටම තට්ටුවේ යට තියන ලංකා බැංකුවට ගියා සල්ලි ගන්න.

ඔන්න අපි දෙන්නා withdrawal slips දෙකකුත් fill කරලා පොත් දෙක දුන්නා counter එකට ( අපිට කොහෙද ATM ඒ කාලෙ ). Counter එකේ අක්කා"මේ accounts දෙක අවුරුදු 2 කට වඩා transactions කරලා නැති හින්දා temporary diactivate කරල තියෙන්නෙ. සල්ලි ගන්න බෑ. අතන ඉන්න managerට කතා කරන්න" කියල බෙරිහන් දීපි.

වැඩේ sorry.com වගේ හින්දා අපි දෙන්නා ගිහින් අර manager කියල පෙන්නපු පිරිමි කෙනා ලඟ වාඩි උනා. එයා computer එකේ මොනවද ටිකක් ඔබලා කිව්ව " මේ accounts දෙක දැනට වහල තියෙන්නෙ. ඔයාලට සල්ලි ගන්න ගම්පහ නම් යන්න වෙනවා" කිරි අප්පට බල්ලො පැනපි. කාල වරෙන්කො ගම්පහ යන්න. Train එකේ බඩගාල බඩගාල පෙරුම් පුරාගෙන ආව LCD එකක් ගන්න. මදැයි වෙච්ච දේ!

"දැං අපිට මේ accounts දෙකෙන් සල්ලි ගන්නම බැරිද?" මං ඇහුවෙ බලන් ඉන්න බැරිම තැන. "අනික අපේ accounts වලින් අන්තිමට සල්ලි අරන් තිබුනෙ අවුරුද්දයි මාස 6කට කලින්. අවුරුදු 2කට කලින් නෙමෙයිනෙ." ඒ පාර අර පිරිමි කෙනා අපිව යැවුවා තවත් නෝනා කෙනෙක් ලඟට. එයා ටිකක් සැර කෙනෙක් වගේ පෙනුනා. Bank එකේ ලොකු post එකක් වෙන්න ඕනෙ. එයා check කරලා බැලුවා අපේ accounts. ඊලඟට මං දිහා බලල කියනවා "ගම්පහ ලංකා බැංකුවෙන් ලියුමක් ඕනෙ. නැත්තන් කරන්න බෑ." මොන ගොං කතාවක්ද ඒ? ලියුමක් ගේන්නෙ මොකටද? මම එහෙනම් ගම්පහින් account එක activate කරගෙන සල්ලිම අරන් එනවනෙ.

අපි එතනින් නැගිටල bank එක ඇතුලෙ හිටගෙන කරන්න දෙයක් නැතුව බලන් හිටියා. මගෙ ඔලුවට සිරා අදහසක් පහල උනේ මේ වෙලාවෙ. ලංකා බැංකු ජාලයේ මේ පලාතට අදාල AGM ( Assistant General Manager ) අපේ ගමේ ඇන්ටි කෙනෙක්. ලංකා බැංකුවේ ඉහලම තනතුරක් කියල අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ. අපේ ගෙදර ඉඳලා පයින් යනවනම් විනාඩි 15න් එයාලෑ ගෙදරට ගියෑකි. එයාල ඉස්සර ඉඳන්ම අපේ තාත්තව හොඳට අඳුනනවා. එයාගෙ පුතා අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්. ඉතින් ඒ හින්දත් අපි එකිනෙකාව ගොඩක් හොඳින් දන්නවා. අපේ තාත්තට සෑහෙන්න උදව් කරලත් තියනව බැංකු කටයුතු සම්බන්ධයෙන්.

ඉතින් මම තාත්තට call කරල ඒ ඇන්ටිගෙ mobile no එක ඉල්ලගෙන ඒ ඇන්ටිට call එකක් දුන්නා.

ඉතින් මම "ඇන්ටි, මමයි මල්ලියි ලංකා බැංකුවේ .................................." කියල අපිට වෙච්ච ඇබැද්දිය කිවුවා.

"පුතා කොහෙද ඉන්නෙ?"

"බම්බලපිටියෙ unity එක යට තියන branch එකේ"

"ඔතන ඉන්නවද Mr........................?" ( මම අර පිරිමි කෙනාගෙන් නම ඇහුවා. ඇන්ටි කියපු කෙනා තමයි )

"ඔව් ඇන්ටි එයා ඉන්නව"

"දෙන්න එයාට ෆෝන් එක" ( මම ඒ පිරිමි කෙනාට phone එක දුන්නා )

" හෙලෝ...........කව්ද?............ ආ ඔව් මැඩම්!............ඔව් temporary deactivate කරල තියෙන්නෙ ....................ඉන්නවා මැඩම්...........පොඩ්ඩක් ඉන්න" කියල අර ලොකු නෝනට phone එක දුන්නා.

"කවුද ඔය?" නෝනා ඇහුවා .

"AGM" පිරිමි කෙනා උත්තර දුන්නා. ඊට පස්සෙ මට ඇහුනේ මේ ටික තමයි.

" කියන්න මැඩම්..........මැඩම් දන්න කියන කෙනෙක්ද.........හරි මැඩම් මම කරන්නම්.........ok මැඩම්..............දැන් යවල තියෙන්නෙ...................හරි මැඩම් ඔක්කොම හරි" කියලා ඒ නෝනා මට ආපහු phone එක දුන්නා.

අපිට විනාඩි 10ක් ඉන්න උනේ නෑ. Accounts දෙකම activate උනා. මගෙන් 18000යි මල්ලිගෙන් 18000 විදියට 36000ක් මගෙ අතට ලැබුනා. අර නෝනා මට දාපු ගෙම්බර් ඔක්කොම ඉවරයි . ඊට පස්සෙ වචනයක්වත් කිව්වෙ නෑ. "T-shirt එකක් ගහගෙන සෙරෙප්පු දෙකක් දාගෙන බැංකුවට ආපු වයස අවුරුදු 20ක් වත් නැති මේ කොල්ලො දෙන්නා Bank of Ceylon AGMට කතා කරලා මට සද්දයක් දැම්මනෙ. ශික්, මම නිකන් පාච්චල් උනා" අර නෝනට එහෙම නොහිතුනා නම් පුදුමෙනුත් පුදුමයි. සල්ලි ටික අතට අරන් අර පිරිමි කෙනාටයි නෝනටයි දෙන්නටම thanks කරලා අපි දෙන්නා බැංකුවෙන් එලියට ආවා. සියලු සැක සාංකා මගඇරලා අලුත් VGA එකකුයි LCD එකකුයි කරගහගෙන අපි දෙන්න ගෙදර ආවෙ මහා වික්‍රමයක් කලා වගේ පුදුම සන්තෝසෙන් :D . බැංකුවෙන් එලියට එන වෙලාවෙ මල්ලි මට ලං වෙලා කිව්වෙ එක දෙයයි!

"එයා බයිට් නේද ?"

Monday, March 29, 2010

අපේ කාලෙ ආච්චිලා සීයලා


සෑහෙන කාලෙකින් blog එකක් දාන්නත් බැරි උනා. මගෙ මිත්‍රයා ඉෂාන් නම් දැන් ගේමට බැහැලම වැඩ. මට ඉතින් කොහෙද ඒවට වෙලාවක්. මට තියනවනෙ සෑහෙන්න වෙන වැඩ. මම හරි busy පොරක්නෙ.

නිකන් ඉන්නකොට මට මේක කල්පනාවට ආවෙ. මේ කාලෙ අපේ සීයලා ගත්තොත් ඉන්නෙ සියාතු, බංඩා, ඇඩ්ඩින්, විලියොන්, සිමියොන්, උක්කුං වගේ නම් තියන අයනේ. ආච්චිලා නම් ජොසපින්, ඇසිලින්, රොසලින්, මැගිලින්, පොඩි මැණිකෙ, බගලවතී වගේ අය. අපි එයාලට කතා කරන්නෙ සියාතු සීයා, උක්කුන් සීයා, ජොසපින් ආච්චි, බගලවතී ආච්චි කියලනේ.

තව අවුරුදු 50කින් 60කින් මොනවගේ ආච්චිලා සීයලා ඉඳීවිද? නුවන් සීයා, ඉෂාන් සීයා, පූර්ණ සීයා, ජනේෂ් සීයා, කසුන් සීයා,චමින්ද සීයා. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. ඒ මදිවට ආච්චිලා. චේතනා ආච්චි, කසුනි ආච්චි, තිලිනි ආච්චි,සජිනි ආච්චි, නිල්මිණී ආච්චි, නිරෝෂණී ආච්චි, ඉන්දීවරී ආච්චි. කිරි අප්පට බල්ලො පැනපි මෙහෙමත් ආච්චිලා. කොහොමද අපේ පොඩි උන් ඇවිල්ලා "ඉෂාන් සීයෙ, කතාවක් කියන්නකෝ" , "චේතනා ආච්චියේ, මට කවියක් කියල දෙන්නකෝ" කියල කියනකොට.

ගෝලීයකරණය අප්පා. ගෝලීයකරණය!!!