Friday, September 18, 2009

යාලුවෝ "Friends"

මේ කතාව campus එක ඇතුලෙ වෙච්ච වෙනස්ම කතාවක්. අපේ එකමුතුකම සහෝදරත්වය ගැන අපිටම තේරුන සිදුවීමක්. කතා ඕන නෑ. වෙච්ච දේ කියන්නම්.

ගිය අගහරුවාදා (2009.09.15) අපේ සහෝදරයෙක්ට හොදටම අසනීප උනා. සජිත් නැත්තන් අපි කියන විදියට සජියා. උදෙ ඉදන්ම මිනිහට වමනෙ යන්න ගත්තා. කරන්න දෙයක් නැති තැන ජනිත (ජනියා) උදේම සජිත් ව campus එකේ medical centre එකට එක්කගෙන ගියා. ජනියා metarial practical වෙලාවෙත් සජියාගෙ තත්වෙ බලන්න medical centre එකත ගියා. අන්න බලන්න නියම යාලුවො. මගෙ පණ්ඩිතකමට ඒක කියන්න ගිහින් අපේ lecturer ගෙන් පලවෙනි පාරට බැනුමක් හිටන් අහගත්තා.

practical ඉවර වෙලා අපි සජියා බලන්න medical centre එකට ගියා. මායි, චාමර අයියයි, සුපුන් අයියයි, ඉෂානුයි (සෝමෙ ), ජනියයි, තරිදුයි, අචලයි. මම මේ දාල තියෙන්නෙ එදා සජියා හිටපු හැටි. group එකේ 66ක් ඉදලත් සජියට කොහොමද කියල බලන්න වත් ආවෙ 7ත් දෙනයි. ඒකද group fit එක කියන්නෙ? ඉතුරු 58 දෙනාට මොකද උනේ? { 66-7-1(සජිත්)=58 නැත්තන් හිතයි මට 66න් 7ක් අඩු කරගන්න බෑ කියල }


සජිත් උදේට විතරයි කාලා හිටියෙ. ඉතින් චාමර අයියා කැන්ටිමට ගිහින් Milo එකකුයි බනිසුයි ගෙනාවා. ඒක කෑවත් සජිත් එකත් වමනෙ දැම්මා. අපි සජිත්ගෙ පිට අතගගා අපිට පුලුවන් හැම විදියකින්ම උදව් කලා. Medical center එක 3.00ට වහනවා. ඒත් අපි හිටපු හින්දා එයාලා 4.00 වෙනකන් වැහුවෙ නෑ.

අපි කොහොමහරි සජිත්ගෙ බෝඩිමේ කොල්ලො set එකට call කලා. උන් set එක තමයි මේ photo වල ඉන්නෙ.


උන්ගෙන් එකෙක් mechanics practical කට් කරලා සජියාව බලන්න ආවෙ ( චාමර අයියට උඩින් ඉන්නෙ ඌ තමයි ). ඒ මොකටද? උගෙ කොහෙහරි කහනවටද? නෑ!!! ඒක තමයි friendship එක. මොන දෙයක් නැති උනත් එක නැති වෙන්නෙ නෑ. උන් set එක සජියව threewheel එකක දාගෙන පිළියන්දල මාමලෑ ගෙදර එක්කගෙන ගියා. සජිත්ට බෝඩිමේ ඉන්න පුලුවන් තත්වයක් තිබුනෙ නෑ.

කෝ අපේ කෙල්ලො ටික? හොයා ගන්නත් නෑ. මo හිතන්නෙ දන්නෙවත් නැතුව ඇති සජිත් අසනීප උනා කියලා. කෝ group එකේ අනික් කොල්ලො ටික? එකට හන්තානෙ නැග්ග යාලුවො කෝ? එකෙක්වත් හිටියෙ නෑ.

මම කාටවත් දොස් කියන්නෙ නෑ. ඒත් මේ ටික කියන්න ඕනෙ. අපි ඔක්කොම එකම පවුලක්. අපි කන්නෙ, බොන්නෙ, ඉගෙන ගන්නෙ එකට. ඉතින් අපේ කෙනෙක්ට කරදරයක් උනාමත් අපි එකට ඉන්න ඕනෙ නේද? එයාට උදවු කරන්න ඕනෙ නේද?

මට කියන්න ඕනෙ උනේ එච්චරයි. අදට නවතින්නම්. තවත් දවසක හම්බවෙමු !

Friday, September 11, 2009

සුභ උපන් දිනයක් වේවා!

ඔන්න අපි හා හා පුරා කියලා අපේ group එකේ පලවෙනි birth day partyඑක සැමරුවා. උත්පලා අක්කාටයි ලක්ෂානිටයි සුභම සුභ උපන් දිනයක් වෙවා! උදේ පාන්දරම කිසිම lecture එකක් නැතුවත් අපි campus ආවෙ හොදට කන්න බලාගෙන. අපේ බවලත් උදවිය උදේම ඇවිත් security room එකට වෙලා අපි එනකන් බලාගෙන හිටියා අපිට හොදට සලකන්න. කොහොම උනත් අපේ ගොන් රැල කන්න දෙනවනම් ඕන දෙයක් කියලනෙ හිතගෙන ඉන්නෙ. ඉතින් එයලත් කට ඇරගෙන security room එකේ බවලත් උදවියට තනි රැකරැක හිටියා.(මාත් ඇතුලුව).

කට්ටිය කොහොමහරි ගොඩ උඩට setඋනා drama practice කරන්න. birth day girls ලා දෙන්නා ගොඩෙන් අපිට rolls යි කොත්මලේ කිරි යි ගෙනාවා. අපිත් දෙන්නටම සුබ උපන් දිනයක් කියලා සුබ පැතුවා. චාමර අයියා ඉතින් වෙනදා වගේම පැණි part එක act කලා. Group එක වෙනුවෙන් එයා ස්තූති කතාව කලා. හිනා කාල මැරුනා එක අහන් ඉද්දි. හාමුදුරු කෙනෙක් බණ කතවක් කියනව වගේ. birth day ගිර්ල්ස් ලත් full fun එකේ කතාව අහගෙන හිටියා. කොහොමින් කොහොමින් හරි party එක ඉවර උනා. අපි සල්ලි එකතු කරලා දෙන්නටම C programmingපොත් දෙකක් තෑගි දුන්නා( අපි ඉතින් අධ්‍යාපනයේ අගය දන්න අයනෙ ). ඒ දෙන්නත් පහන් සිතින් පොත් දෙක ගත්තා. චාමර අයියා තමයි උත්පලා අක්කට presentඑක දුන්නෙ. අයෙ එකෙ අහන්න දෙයක් තියනවයැ. අත් දෙකෙන්ම අල්ලලා හරිම ආදරෙන් දුන්නෙ. ඒකටත් එක්ක සජියා ( සජිත් ) ලක්ෂාණිට present එක දුන්නෙත් අහක බලාගෙන. ඕවනම් මොනවද ඉතින් නැට්ට පිටින් අලි මැරෙනකොට.

ඊලගට අපි drama එකට සෙත් උනා. සජියා ගෙ script එක. සිරා comedy යක්. හිනා කාලා මැරෙනව අපේ comedy අපිම බලනකොටත්. බන්දුල අයිය ගෙ part එක නම් maxa. කියල වැඩක් නෑ. campus එකෙ සීන් එක මට මාරෙට හිතට අල්ලලා ගියා.
මුලින් අපේ කෙල්ලො ටික එන්න අදි මදි කලත් වින්ධ්‍යා බය නැතුව ගේමට සෙට් උන හින්දා අවන්තිත් අක්කත් නුවනිත් අපිට full ස්ප් එක දුන්නා. එයාල හින්දා අපේ drama එක තාත්විකව කරන්න පුලුවන්. " නාට්‍යයේ ජීවගුණය රැදී තියෙන්නෙ එකේ රගපාන චරිතවල" කියල ෂේක්ස්පියර් ගෙ පුන්චි අම්මගෙ ලොකු දුව බැදපු එකාගෙ යාලුවෙක්ට දුරින් නෑ වෙන කෙනෙක් කියල තියෙන්නෙ. එ හින්ද කෙල්ලො ටික ආපු නිසා අපේ උන්ට පුදුම ගැම්මක් අවා. පුදුම සහයෝගයෙන් අපි practice කලා.

Drama එකට වැඩි කාලයක් නෑ. ඒත් අපි මේක සිරාවටම කරනවා. බලන් ඉදපල්ලකෝ. එළටම කරනවා මේක. Best drama එක වෙනවා අපේ එක. 100%ක් sure.

තවත් දවසක එන්නම් තව වල්පල් ටිකක් අරගෙන. එතකන් කට්ටියටම සුබ සතියක් !

Wednesday, September 9, 2009

අපේ කෙල්ලො ටික

වමේ ඉදන්: අවන්ති, වින්ද්‍යා, හෙෂානි, ශන්ගීතා, උත්පලා, එරන්දි, නුවනි, ලක්ෂානි

අවන්ති
අපේ set එකේ English medium කරලා මොරටු ආපු එකම කෙල්ල. මොලකාරියක්. English medium කලාට සිoහල වචන 10 කට English වචන 5ක් mix කරන එක එයාගෙ ගතියක් නෙමේ. කෙලින්ම සුද්ද සිoහල. ( මo මෙතන එහෙම කලාට ගනන් ගන්න එපා )

වින්ද්‍යා

යන්සෙ හොයාගත්තෙ හරිම අමාරුවෙන්. හක්ක පනින නමක්නෙ. ලගදි මල්ලි කෙනෙක්ගෙන් යාලුවෙන්න අහලා ගොඩ කැන්ටිමේ කැලෑ පත්තර ගොඩාක් වැදිල තිබුන වගේ දැක්කා. ඒ සීන් එක තාම කවුරුත් දන්නෙ නෑලු. අඩුම ගානෙ අවන්තිට වත් කියල නෑලු.

හෙෂානි
ම් ම් ම් .....දහයට ගනින්න බෑ වගේ ඉන්නෙ. එත් ලoකාවෙම 10 වෙනියා ! තව පොඩි පොඩි හුටපට තියනවා අපි දන්න, එත් ඒව කියන්න හොද නෑනෙ. පවුනෙ. එත් අපිට party එකක් නම් ලැබුනෙ නෑ තාම ?

ශන්ගීතා
අපේ සිoහල දෙමල කෙල්ල. එයාට භාෂාව ප්‍රශ්නයක් නෑ. සිoහල නම් සිoහල. දෙමල නම් දෙමල. කඩ්ඩ නම් කඩ්ඩ. කොකත් එකයි. වඩේ හදන්න නම් නියමයි. ඊලග trip එකටත් අපිට වඩේමයි ඕනෙ.

උත්පලා
අපේ අක්කා. චුට්ටක් සැරයි. ඒ උනාට හරි හොදයි. ගවුමක් ඇන්දාම ලස්සනයි. නැත්තන් ඉතින් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ. හැමදාම පිස්සිගෙ පලා මල්ල වගේ අලි bag එකක් උස්සන් එන්නෙ.

නුවනි
කොට මොඩල් ලග pickup කිව්වට නුවනි එහෙම නෑ. අහිoසකයි. හිනාවෙලා ඉන්නෙ හැමවෙලේම. ඒ උනාට බෝල දාන්න නම් දන්නෙම නෑ. බෝලයක් අල්ලන හැටිවත් දන්නෙ නෑ.
එරන්දි
අපේ ආච්චි. හුරතලේට කියන නමනේ. trip එක ගිහිල්ලා පුන්චිත් එක්ක තදවෙලා ඔලුව බිත්තියේ හප්පගෙන ප්ලාස්ටර් දාගෙන දැන් campus එන්නෙ. campus එකේ ඉන්න කෙට්ටුම කෙල්ල කිවුවොත් මම වැරදි නෑ ! හික් හික්

ලක්ෂානි
කන්නාඩි දෙක නැතිඋනොත් ඉදල හමාරයි. ඒ උනාට bat එකක් දුන්නොත් වනනවා හතර අතටම. ගහන පාරවල් නම් ඉතින් පොතේ තියන ඒව නෙමෙයි තමා. ඕවා මොනවද, නැට්ට පිටින් අලි මැරෙන්නෙ?


තිලිණි
කණ්ණඩි දානවා කියල දන්නවා. ඒත් මෙයා ට්‍රිප් එක යන්න ආවෙ නැති හින්ද වැඩිපුර විස්තර දන්නෙ නෑ. දැනගත්ත ගමන් දෙන්නම්කො ගේම. කවුරුහරි වැඩිදුර විස්තර දන්නවනම් මට හරි සෝමෙට හරි කියන්න.

හෙට campus යනකොට හෙල්මට් එකක් දාගෙන යන්න වෙනවා. කුඩ මිටි පාරවල්, BATA,DSI පාරවල් වදින්නත් ඉඩ තියනව. එ හින්ද ආත්මාරක්ෂාව පිණිස මම මෙතනින් නවතිනවා. තවත් දවසක සෙට් වෙමු.