Saturday, July 24, 2010

පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ




DeepS අක්කගෙ බැංකු අත්දැකීමකියෙව්වම මටත් හිතුනා මං ලබපු ඒවගේම අත්දැකීමක් ගැන ලියන්න. මේකත් ලංකා බැංකුවක් සම්බන්ධ සිද්ධියක්ම තමයි.

මගෙයි මල්ලිගෙයි 14+ ගිණුම් 2ක් තිබුනා ගම්පහ ලංකා බැංකුවේ ( දැන්නම් මට campus එක ඇතුලෙම 18+ account එකක් තියනවනෙ :D ) . මමයි මල්ලියි තීරණය කලා ඒ දෙකේ සල්ලි අරන් computer එකට අලුත් VGA card එකකුයි 19" LCD එකකුයි ගන්න. ඔන්න ඉතින් අපි දෙන්නා ඩෙනිමයි t-shirt එකයි ගහගෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන හා හා පුරා කියල උදේ පාන්දරින්ම පිටත් වෙලා unity ආවා ( unity කිව්වෙ unity plaza හොඳේ. අර බම්බලපිටිය කියන මනරම් නගරයේ සුන්දර MC එකට මායිම්ව ( දන්නවනෙ ඉතින් MC එක) නල ජලය, විදුලිය, පුළුල් මාර්ග එහෙම තියෙන තට්ටු 8ක්ද කොහෙද උස, කැත building එකක් ) . ඔන්න අපි unityය ඇතුලෙ රවුම් ගහල ගහල අන්තිමට barclays ( computer shop එකක් ) එකෙන් රු.35000කට වැඩේ සෙට් කරගෙන ( VGA එක nVIDIA 9600GT රු.18700යි, Samsung 19" LCD එක රු.16300යි ) unityයේ යටම තට්ටුවේ යට තියන ලංකා බැංකුවට ගියා සල්ලි ගන්න.

ඔන්න අපි දෙන්නා withdrawal slips දෙකකුත් fill කරලා පොත් දෙක දුන්නා counter එකට ( අපිට කොහෙද ATM ඒ කාලෙ ). Counter එකේ අක්කා"මේ accounts දෙක අවුරුදු 2 කට වඩා transactions කරලා නැති හින්දා temporary diactivate කරල තියෙන්නෙ. සල්ලි ගන්න බෑ. අතන ඉන්න managerට කතා කරන්න" කියල බෙරිහන් දීපි.

වැඩේ sorry.com වගේ හින්දා අපි දෙන්නා ගිහින් අර manager කියල පෙන්නපු පිරිමි කෙනා ලඟ වාඩි උනා. එයා computer එකේ මොනවද ටිකක් ඔබලා කිව්ව " මේ accounts දෙක දැනට වහල තියෙන්නෙ. ඔයාලට සල්ලි ගන්න ගම්පහ නම් යන්න වෙනවා" කිරි අප්පට බල්ලො පැනපි. කාල වරෙන්කො ගම්පහ යන්න. Train එකේ බඩගාල බඩගාල පෙරුම් පුරාගෙන ආව LCD එකක් ගන්න. මදැයි වෙච්ච දේ!

"දැං අපිට මේ accounts දෙකෙන් සල්ලි ගන්නම බැරිද?" මං ඇහුවෙ බලන් ඉන්න බැරිම තැන. "අනික අපේ accounts වලින් අන්තිමට සල්ලි අරන් තිබුනෙ අවුරුද්දයි මාස 6කට කලින්. අවුරුදු 2කට කලින් නෙමෙයිනෙ." ඒ පාර අර පිරිමි කෙනා අපිව යැවුවා තවත් නෝනා කෙනෙක් ලඟට. එයා ටිකක් සැර කෙනෙක් වගේ පෙනුනා. Bank එකේ ලොකු post එකක් වෙන්න ඕනෙ. එයා check කරලා බැලුවා අපේ accounts. ඊලඟට මං දිහා බලල කියනවා "ගම්පහ ලංකා බැංකුවෙන් ලියුමක් ඕනෙ. නැත්තන් කරන්න බෑ." මොන ගොං කතාවක්ද ඒ? ලියුමක් ගේන්නෙ මොකටද? මම එහෙනම් ගම්පහින් account එක activate කරගෙන සල්ලිම අරන් එනවනෙ.

අපි එතනින් නැගිටල bank එක ඇතුලෙ හිටගෙන කරන්න දෙයක් නැතුව බලන් හිටියා. මගෙ ඔලුවට සිරා අදහසක් පහල උනේ මේ වෙලාවෙ. ලංකා බැංකු ජාලයේ මේ පලාතට අදාල AGM ( Assistant General Manager ) අපේ ගමේ ඇන්ටි කෙනෙක්. ලංකා බැංකුවේ ඉහලම තනතුරක් කියල අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ. අපේ ගෙදර ඉඳලා පයින් යනවනම් විනාඩි 15න් එයාලෑ ගෙදරට ගියෑකි. එයාල ඉස්සර ඉඳන්ම අපේ තාත්තව හොඳට අඳුනනවා. එයාගෙ පුතා අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්. ඉතින් ඒ හින්දත් අපි එකිනෙකාව ගොඩක් හොඳින් දන්නවා. අපේ තාත්තට සෑහෙන්න උදව් කරලත් තියනව බැංකු කටයුතු සම්බන්ධයෙන්.

ඉතින් මම තාත්තට call කරල ඒ ඇන්ටිගෙ mobile no එක ඉල්ලගෙන ඒ ඇන්ටිට call එකක් දුන්නා.

ඉතින් මම "ඇන්ටි, මමයි මල්ලියි ලංකා බැංකුවේ .................................." කියල අපිට වෙච්ච ඇබැද්දිය කිවුවා.

"පුතා කොහෙද ඉන්නෙ?"

"බම්බලපිටියෙ unity එක යට තියන branch එකේ"

"ඔතන ඉන්නවද Mr........................?" ( මම අර පිරිමි කෙනාගෙන් නම ඇහුවා. ඇන්ටි කියපු කෙනා තමයි )

"ඔව් ඇන්ටි එයා ඉන්නව"

"දෙන්න එයාට ෆෝන් එක" ( මම ඒ පිරිමි කෙනාට phone එක දුන්නා )

" හෙලෝ...........කව්ද?............ ආ ඔව් මැඩම්!............ඔව් temporary deactivate කරල තියෙන්නෙ ....................ඉන්නවා මැඩම්...........පොඩ්ඩක් ඉන්න" කියල අර ලොකු නෝනට phone එක දුන්නා.

"කවුද ඔය?" නෝනා ඇහුවා .

"AGM" පිරිමි කෙනා උත්තර දුන්නා. ඊට පස්සෙ මට ඇහුනේ මේ ටික තමයි.

" කියන්න මැඩම්..........මැඩම් දන්න කියන කෙනෙක්ද.........හරි මැඩම් මම කරන්නම්.........ok මැඩම්..............දැන් යවල තියෙන්නෙ...................හරි මැඩම් ඔක්කොම හරි" කියලා ඒ නෝනා මට ආපහු phone එක දුන්නා.

අපිට විනාඩි 10ක් ඉන්න උනේ නෑ. Accounts දෙකම activate උනා. මගෙන් 18000යි මල්ලිගෙන් 18000 විදියට 36000ක් මගෙ අතට ලැබුනා. අර නෝනා මට දාපු ගෙම්බර් ඔක්කොම ඉවරයි . ඊට පස්සෙ වචනයක්වත් කිව්වෙ නෑ. "T-shirt එකක් ගහගෙන සෙරෙප්පු දෙකක් දාගෙන බැංකුවට ආපු වයස අවුරුදු 20ක් වත් නැති මේ කොල්ලො දෙන්නා Bank of Ceylon AGMට කතා කරලා මට සද්දයක් දැම්මනෙ. ශික්, මම නිකන් පාච්චල් උනා" අර නෝනට එහෙම නොහිතුනා නම් පුදුමෙනුත් පුදුමයි. සල්ලි ටික අතට අරන් අර පිරිමි කෙනාටයි නෝනටයි දෙන්නටම thanks කරලා අපි දෙන්නා බැංකුවෙන් එලියට ආවා. සියලු සැක සාංකා මගඇරලා අලුත් VGA එකකුයි LCD එකකුයි කරගහගෙන අපි දෙන්න ගෙදර ආවෙ මහා වික්‍රමයක් කලා වගේ පුදුම සන්තෝසෙන් :D . බැංකුවෙන් එලියට එන වෙලාවෙ මල්ලි මට ලං වෙලා කිව්වෙ එක දෙයයි!

"එයා බයිට් නේද ?"

3 comments:

  1. ඇයි බොල මේක මීට කලිනුත් දාලා තිබිලා මම කියෙව්වනේ O.o

    ReplyDelete
  2. ඒ උඹ කියෙවුවෙ cached copy එකක්. මගෙ original post එක නෙමෙයි :P :P

    ReplyDelete
  3. ela ela... Indrani aunty nisa beruna ne... hkzz :D :D

    ReplyDelete