
සෑහෙන කාලෙකින් blog එකක් දාන්නත් බැරි උනා. මගෙ මිත්‍රයා ඉෂාන් නම් දැන් ගේමට බැහැලම වැඩ. මට ඉතින් කොහෙද ඒවට වෙලාවක්. මට තියනවනෙ සෑහෙන්න වෙන වැඩ. මම හරි busy පොරක්නෙ.
නිකන් ඉන්නකොට මට මේක කල්පනාවට ආවෙ. මේ කාලෙ අපේ සීයලා ගත්තොත් ඉන්නෙ සියාතු, බංඩා, ඇඩ්ඩින්, විලියොන්, සිමියොන්, උක්කුං වගේ නම් තියන අයනේ. ආච්චිලා නම් ජොසපින්, ඇසිලින්, රොසලින්, මැගිලින්, පොඩි මැණිකෙ, බගලවතී වගේ අය. අපි එයාලට කතා කරන්නෙ සියාතු සීයා, උක්කුන් සීයා, ජොසපින් ආච්චි, බගලවතී ආච්චි කියලනේ.
තව අවුරුදු 50කින් 60කින් මොනවගේ ආච්චිලා සීයලා ඉඳීවිද? නුවන් සීයා, ඉෂාන් සීයා, පූර්ණ සීයා, ජනේෂ් සීයා, කසුන් සීයා,චමින්ද සීයා. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. ඒ මදිවට ආච්චිලා. චේතනා ආච්චි, කසුනි ආච්චි, තිලිනි ආච්චි,සජිනි ආච්චි, නිල්මිණී ආච්චි, නිරෝෂණී ආච්චි, ඉන්දීවරී ආච්චි. කිරි අප්පට බල්ලො පැනපි මෙහෙමත් ආච්චිලා. කොහොමද අපේ පොඩි උන් ඇවිල්ලා "ඉෂාන් සීයෙ, කතාවක් කියන්නකෝ" , "චේතනා ආච්චියේ, මට කවියක් කියල දෙන්නකෝ" කියල කියනකොට.
ගෝලීයකරණය අප්පා. ගෝලීයකරණය!!!
පොඩි ප්‍රස්නයක්. ඈයි මෙතන "ලිහිල් ආතා " කියන පදය කොතනකවත් නැත්තේ?? ෂුවර් නැද්ද ආතෙක් වෙන්න හම්බෙයිද නැද්ද කියලා?? කොහොම උනත් ෆට්ට පෝස්ට් එක මචෝ :D
ReplyDeleteela ishan.. eka atta... meka nami wenne nedda dannea neee
ReplyDelete@ ඉෂාන් : මම මටම කියාගන්න එක හරි නෑනෙ? එතකොට නිකන් මං පොර වගේනෙ :p Anyway තැන්කූ වේවා 100ක් වාරයක්.
ReplyDelete@ බිඟුවා: නැතුව නැතුව දැනටමත් අවුරුදු 20ක් නාකි වෙලානෙ :P
චේතනාලා,සජිනිලා මේවා දැක්කනම් උඔට බලා ගන්න තිබ්බා මොනවා කියයිද කියලා ......... :පී ........
ReplyDeleteඅනේ එයාල මොනව කියන්නද? :D :D
ReplyDelete