මේ කතාව campus එක ඇතුලෙ වෙච්ච වෙනස්ම කතාවක්. අපේ එකමුතුකම සහෝදරත්වය ගැන අපිටම තේරුන සිදුවීමක්. කතා ඕන නෑ. වෙච්ච දේ කියන්නම්.
ගිය අගහරුවාදා (2009.09.15) අපේ සහෝදරයෙක්ට හොදටම අසනීප උනා. සජිත් නැත්තන් අපි කියන විදියට සජියා. උදෙ ඉදන්ම මිනිහට වමනෙ යන්න ගත්තා. කරන්න දෙයක් නැති තැන ජනිත (ජනියා) උදේම සජිත් ව campus එකේ medical centre එකට එක්කගෙන ගියා. ජනියා metarial practical වෙලාවෙත් සජියාගෙ තත්වෙ බලන්න medical centre එකත ගියා. අන්න බලන්න නියම යාලුවො. මගෙ පණ්ඩිතකමට ඒක කියන්න ගිහින් අපේ lecturer ගෙන් පලවෙනි පාරට බැනුමක් හිටන් අහගත්තා.
.jpg)
practical ඉවර වෙලා අපි සජියා බලන්න medical centre එකට ගියා. මායි, චාමර අයියයි, සුපුන් අයියයි, ඉෂානුයි (සෝමෙ ), ජනියයි, තරිදුයි, අචලයි. මම මේ දාල තියෙන්නෙ එදා සජියා හිටපු හැටි. group එකේ 66ක් ඉදලත් සජියට කොහොමද කියල බලන්න වත් ආවෙ 7ත් දෙනයි. ඒකද group fit එක කියන්නෙ? ඉතුරු 58 දෙනාට මොකද උනේ? { 66-7-1(සජිත්)=58 නැත්තන් හිතයි මට 66න් 7ක් අඩු කරගන්න බෑ කියල }
සජිත් උදේට විතරයි කාලා හිටියෙ. ඉතින් චාමර අයියා කැන්ටිමට ගිහින් Milo එකකුයි බනිසුයි ගෙනාවා. ඒක කෑවත් සජිත් එකත් වමනෙ දැම්මා. අපි සජිත්ගෙ පිට අතගගා අපිට පුලුවන් හැම විදියකින්ම උදව් කලා. Medical center එක 3.00ට වහනවා. ඒත් අපි හිටපු හින්දා එයාලා 4.00 වෙනකන් වැහුවෙ නෑ.
.jpg)
.jpg)
.jpg)
අපි කොහොමහරි සජිත්ගෙ බෝඩිමේ කොල්ලො set එකට call කලා. උන් set එක තමයි මේ photo වල ඉන්නෙ.
.jpg)
.jpg)
උන්ගෙන් එකෙක් mechanics practical කට් කරලා සජියාව බලන්න ආවෙ ( චාමර අයියට උඩින් ඉන්නෙ ඌ තමයි ). ඒ මොකටද? උගෙ කොහෙහරි කහනවටද? නෑ!!! ඒක තමයි friendship එක. මොන දෙයක් නැති උනත් එක නැති වෙන්නෙ නෑ. උන් set එක සජියව threewheel එකක දාගෙන පිළියන්දල මාමලෑ ගෙදර එක්කගෙන ගියා. සජිත්ට බෝඩිමේ ඉන්න පුලුවන් තත්වයක් තිබුනෙ නෑ.
කෝ අපේ කෙල්ලො ටික? හොයා ගන්නත් නෑ. මo හිතන්නෙ දන්නෙවත් නැතුව ඇති සජිත් අසනීප උනා කියලා. කෝ group එකේ අනික් කොල්ලො ටික? එකට හන්තානෙ නැග්ග යාලුවො කෝ? එකෙක්වත් හිටියෙ නෑ.
මම කාටවත් දොස් කියන්නෙ නෑ. ඒත් මේ ටික කියන්න ඕනෙ. අපි ඔක්කොම එකම පවුලක්. අපි කන්නෙ, බොන්නෙ, ඉගෙන ගන්නෙ එකට. ඉතින් අපේ කෙනෙක්ට කරදරයක් උනාමත් අපි එකට ඉන්න ඕනෙ නේද? එයාට උදවු කරන්න ඕනෙ නේද?
මට කියන්න ඕනෙ උනේ එච්චරයි. අදට නවතින්නම්. තවත් දවසක හම්බවෙමු !